BPLCricket NewsEXCLUSIVE

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී පිට පිට තරඟයේ වීරයා වෙමින් ශකීබ් අල්හසන් ලෝක වාර්තාවක් තබයි.!

මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි වෙමින් සිටින බංගලදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විස්සයි විස්ස තරඟ තුල ක්‍රීඩකයෙකුට පසුකර යාමට අතිශයින්ම අපහසු කඩයිමක් ඊයේ (11) පසුකර යෑමට සමත් වුනා.

ඒ පිට පිට විස්සයි විස්ස තරඟ වැඩිම ගණනක් තුල තරඟයේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයා වෙමිනි.ශකීබ් අල්හසන් මෙවර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තමන් ක්‍රීඩා කරන ලද අවසන් තරඟ 5 දීම තරඟයේ වීරයා සම්මානය දිනාගෙන තිබුණි.

හිටපු එංගලන්ත ක්‍රීඩක මාකස් ට්‍රෙස්ක්‍රොතික් එම මීට වාර්ථාවට හිමිකම් කී අතර ඔහු පිටපිට සිව් වතාවක් තරඟයේ වීරයා සම්මානය දිනාගෙන තිබුණි.

ශකීබ් අල්හසන් කුල්නා ටයිගර්ස් , චිතගොන් චැලේන්ජර්ස් , කොමිලා වික්ටෝරියන්ස් , සිල්හෙට් සන්රයිසස් හා මිනිස්ටර් ඩකා කණ්ඩායම් වලට එරෙහිව ක්‍රීඩා කල අවසන් තරඟ 5 දීම තරඟයේ වීරයා බවට පත් විය.

එම අවසන් තරඟ 5 දී අර්ධ ශතක තුනක් සමඟින් පිලිවෙලින් ලකුණු 41,50,50,38 හා 51 ක බැගින් රැස් කල අතර පන්දුයැවීමේදී 2-10,3-23,2-20,2-23,1-21 බැගින් ශකීබ්ගේ නම ඉදිරියෙහි සටහන්ව තිබුණි.

දශකයකට වඩා ඉතිහාසයක් සහිත විස්සයි විස්ස තරඟාවලි තුල මෙම කඩයිම පසුකර ගිය ප්‍රථම ක්‍රීඩකයා වන්නට ශකීබ් සමත් වීම විශේෂත්වයකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button