Cricket NewsEXCLUSIVE

National Super League හි තීරණාත්මක අවසන් තරඟ සඳහා යාපනය කණ්ඩායම දුනිත් වෙල්ලාලගේව එක් කර ගනී.!

මේ දිනවල අතිශය තියුණු මුහුණුවරක් ගෙන පැවැත්වෙන නැශනල් සුපර් ලීග් තරඟාවලියට සහබාගී යාපනය සංචිතයට ශ්‍රී ලංකා 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ නම් කර ඇත.

මෙවර නිමාව දුටු 19 න් පහළ ලෝක කුසලානයේ විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසු දැඩි කතාබහට ලක්වන දුනිත්, මීට පෙර ශ්‍රී ලංකාවේ දේශීය තරඟ සඳහා Lanka CC නියෝජනය කරමින් සහබාගී විය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් කැපී පෙනෙන දස්කම් දැක්වූ වෙල්ලාලගේ අද (11) මහනුවරදී යාපනය කණ්ඩායමට එක් වූ අතර, අනිද්දා (13) ගාල්ලට එරෙහිව ඔවුන්ගේ මීළඟ තරගය සඳහා බොහෝ දුරට එක්වනු ඇත.

මෙවර නැශනල් සුපර් ලීග් තරඟාවලියේ ලීග් අදියරේ තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට යාපනට කණ්ඩායමට ඉතිරිව ඇති අතර ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

බොහෝ විට එම තරඟ ද්විතයේදීම වෙල්ලාලගේ හට කන්ඩායමේ ස්ථානයක් හිමිවීමේ ඉඩකඩ වැඩි බවද සඳහන් .

කෙසේනමුත් මෙවර තරඟාවලියේ අවසන් වටයට නුවර කණ්ඩායමට දැනටමත් සුදුසුකම් ලබා තිබීමද මෙවර තරඟාවලියේ උනුසුම තවත් තීව්‍ර කරන්නට සමත් විය.

 

ANTIGUA, ANTIGUA AND BARBUDA – JANUARY 30: Dunith Wellalage of Sri Lanka celebrates reaching his century during the ICC U19 Men’s Cricket World Cup match between South Africa and Sri Lanka at Sir Vivian Richards Stadium on January 30, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button