Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ සුපිරි තරුව වන ශකීබ් අල් හසන් කැඳවා තිබේ

All-Rounder Shakib Al Hasan Ruled Out Of First Test vs Pakistan Due To Hamstring Injury

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා කැඳවා ඇති බව බංග්ලාදේශයෙන් වාර්තා වේ.

මෙය බංගලාදේශ කණ්ඩායමට ඉතා වාසිදායක තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි.

කෙසේ වෙතත් ශකීබ් අල් හසන් මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කළේ නැහැ.

ශ්‍රී ලංකාව එම තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේය.

No sympathy at all' - Twitter erupts as ICC bans Shakib Al Hasan for two years for not reporting fixing approach

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියට පෙර මැයි 10 වැනිදා සංචාරකයින් දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

තරගය පැවැත්වෙන්නේ ඩකා හි බංග්ලාදේශ ක්‍රිරා ෂික්කා ප්‍රොටිස්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මැයි 15 සිට 19 දක්වා චිතගොං හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය මැයි 23 සිට 27 දක්වා ඩකාහි බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Shakib Al Hasan's double ton propels Bangladesh to a mammoth 542 against New Zealand at stumps on Day 2 | Cricket Country

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button