Cricket NewsEXCLUSIVELPL

වනිඳුට අභියෝගයක් වන්නට ගෝල් ග්ලැඩියේටර්ස් නම් කල සුපිරි දඟ පන්දු යවන්නා “Tabraiz Shamsi” ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙයි.!.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි අධියර ආරම්භ වීමට පැය 24 කටත් අඩු කලයක් ඉතිරිව තිබියදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ විශේෂඥ දඟපන්දු යවන්නා වන දකුණු අප්‍රිකානු සුපිරි වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සි මෙවර තරඟාවලියට සහභාගී නොවන බව නිවේදනය කලේය .

ඒ පිළිබඳව නිකුත් කල නිවේදනයේදී තවදුරටත් අදහස් දක්වන ගෝල් ග්ලැඩියේටස් කළමණාකාරීත්වය සඳහන් කරන්නේ කොවිඩ් නව වෛරස ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟින් පනවා ඇති සංචරණ නීති වලට අනුව මෙවර තරඟාවලිය සඳහා ශම්සි හට සහභාගී වන්නට අවකාශය නොලැබෙන බවය \.

ඇෆ්ඝනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් ශම්සි වෙනුවට මෙවර තරඟාවලිය සඳහා සිය කණ්ඩායමට ආදේශ කළ බව ගෝල් ගැල්ඩියේටර්ස් කළමණාකාරීත්වය සිය නිවේදනය තුලදී සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7