Cricket NewsEXCLUSIVELPL

බිහිසුණු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස ප්‍රකට “Ben Dunk” ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක් වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් එක් දිනයක් පමණයි.

එනම් දෙසැම්බර් 5වන දා සිට අති උත්කර්ෂවත් අයුරින් මෙවර ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී Galle Gladiators කණ්ඩායම නියෝජනය කිරීමට සිටි පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් ද මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට ආදේශකයක් ලෙස ස්ට්‍රේලියානු සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩකයකු වන බෙන් ඩන්ක් Galle Gladiators කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

බෙන් ඩන්ක් සැලකෙන්නේ අතිශය ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස වන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

බිග් බෑෂ් ලීගයේ ඉතා ඉහළ දස්කම් දක්වා ඇති බෙන් ඩන්ක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදි Galle Gladiators වෙනුවෙන් සිය පිත්ත මෙහෙය වීමට නියමිතයි.

අද දිනයේදී Galle Gladiators කණ්ඩායම සමග පුහුණුවීම් වලට එක් වී සිටි ආකාරය දැක්වෙන ජයරුපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button