Cricket NewsEXCLUSIVEIPL

IPL තරඟාවලියේදී ප්‍රථම වරට පිත්ත අතට ගත් Shashank Singh විසින් IPL පිටිය එකම ගිණිකෙළි සැණකෙළියක් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 40වන තරගය ලෙස ලෙස කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad සමග Hardik Pandya නායකත්ව දරන Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේදී ප්‍රථම වරට පිත්ත අතට ගත් Shashank Singh අධි වේගී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් Sunrisers Hyderabad ඉනිම ලකුණු 195ක දැවැන්ත ලකුණු පුවරුවක් කරා ඔසවා තැබීමට සමත් වුනා. Shashank Singh විසින් පන්දු 6ක් තුල වේගවත් ලකුණු 25ක් රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.

Shashank Singhගේ එම සුපිරි ඉණිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button