Cricket NewsEXCLUSIVEInternational

ඇමෙරිකානු ක්‍රිකට් පිටිය හොල්ලන ශ්‍රී ලාංකිකයෝ – ෂෙහාන් ජයසුරිය වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට, ලහිරු මිලන්තත් ඒ අසලටම.!

ඇමෙරිකානු දේශීය පිටියේ ප්‍රමුඛතම විස්සයි විස්ස තරඟාවලිය වන minor league ක්‍රිකට් තරඟාවලියේ 2022 තරඟවාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශෙහාන් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඇමෙරිකාව පුරා විහිදී ඇති කණ්ඩායම් 26 ක් මෙවර තරඟාවලිය සඳහා එක්ව ඇති අතර ඔවුන් කාණ්ඩ හතරක් යටතේ තරඟවදී. මේ සතිය වන විට තරඟාවලියෙන් වැඩි කොටසක් නිමා වී ඇති අතර ජාතික ශූරතාවලිය (Final) සඳහා තවත් තරඟ කිහිපයක් පමණක් ඉතිරිව තිබේ.

මෙවර තරඟාවලියේ play offs වටයට පැමිණෙන විට ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට සිලිකන් වැලී කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය හට හැකිවී තිබෙනවා. ඉකුත් සතිය අවසන් වන විටත් ලකුණු ලාභීන් අතර පෙරමුණේ ශෙහාන් පසුවිය. මේ වන විට ඔහු තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 647 ක් .

පසුගිය සතියේ වැඩිම ලකුණු ලාභීන් අතර 10 දෙනා අතරට පිවිසි ලහිරු මිලන්තද ලකුණු වැඩිම ලකුණු ලාභීන් අතර වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු වැඩිම ලකුනු ලාභීන් අතර පස්වැනි තැන රැඳී සිටින උන්මුකට් චන්ද් හා කරට කර සටනක සිටින්නේ ලකුණු 511 ක් ලබාගනිමින්.

මිලන්තගේ මෙවර තරඟාවලියේ දත්තයන් වඩාත් ස්ථාවර මට්ටමක රැඳී තිබේ. ඔහුගේ සාමාන්‍ය 42 ක් වන අතර 149 ක අගනා ප්‍රහාරාත්මක වේගයක්ද ඔහු මෙවර සටහන් කරගෙන තිබුණි.

කඩුලු රකින්නෙකු ලෙසද වඩාත් සාර්ථක වූ මිලන්ත Team Morrisville Rapter කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් මේ වන විට Conference semi finals වටයේ තරඟ වදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button