Cricket NewsDomestic CricketEXCLUSIVE

ශෙවෝන් ඩැනියෙල්ගෙන් වේගවත් සටන්කාමී ඉනිම අපතේ යවමින් Gujranwala Giants කණ්ඩායමට කඩුලු 5 ක පරාජයක් !

ඊයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී පකිස්තානු යොවුන් ක්‍රිකට් ලීගයේ පළමු සංස්කරණයේ සිව්වැනි තරඟය පැවැත්වුණි.ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් නියෝජනය කරන Gujranwala Giants හා Bahawalpur Royals කණ්ඩායම් අතර එම තරඟය ක්‍රියාත්මක වූ අතර තරඟය කඩුලු 5 කින් ජයගන්නට Bahawalpur Royals කණ්ඩායම සමත් විය.

Bahawalpur Royals කණ්ඩායමේ ආරධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි Gujranwala Giants කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක වද්දී එක් අන්තයක තනිවූ යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් ප්‍රතිවාදී Bahawalpur පන්දු යවන්නන් හට හිස එසවීමට ඉඩක් ලබා නොදුන්නේය.සෙසු පිතිකරුවන් අසාර්ථක වද්දී හස්නේන් මජීඩ් සමඟින් එක්ව පස්වන කඩුල්ල සඳහා ලකුණු 122 ක් එක් කරන්නට ශෙවෝන් සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශෙවෝන් පන්දු 51 කදී ලකුණු 81 ක් රැස් කල අතර එම ඉනිම හයේ පහර පහකින් හා හතරේ පහර හයකින් වර්ණවත් විය.හස්නේන් මජීඩ් ලකුණු 50 ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් හා හයේ පහර දෙකක් අන්තර්ගත විය.ශෙවෝන්ගේ හා මජීඩ්ගේ විශිෂ්ඨ සබඳතාවය හේතුවෙන් නියමිත පන්පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු ලකුණු 179 ක් රැස් කරන්නට Gujranwala Giants පිල සමත් විය.පන්දු යැවීමේදී මොහොමඩ් සීශාන් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර නේතන් එඩ්වර්ඩ්,අර්හම් නවාබ්,සජාඩ් අලී අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 180 ක ජයග්‍රාහී ලකුණු පුවරුවක් හඹාගිය Bahawalpur Royals පන්දුවාර 19කුත් පන්දු 4 ක් අවසානයේදී කඩුලු පහක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන්ම පසු කර ගියේය.ආරම්භ පිතිකරු බසිට් අලී නොදැවී රැස් කල ශතකය හේතුවෙන් තරඟයේ ජයග්‍රහණය Bahawalpur Royals හට ලබාගැනීම පහසු කරුණක් විය.සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යන්නට අපොහොසත් වූ නමුත් පන්දු 58 කදී බසිට් අලී හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් සමඟින් තරඟාවලියේ පළමු ශතකය වාර්ථා කලේය.පන්දු යැවීමේදී මොහොමඩ් ශාන් කඩුලු 3 ක් බිඳ දැමූ නමුත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

තරඟයේ වීරයා ලෙසින් ශතක ලාභී බසිට් අලී සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button