Cricket GossipCricket NewsEXCLUSIVE

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටින නේපාල නායක සන්දීප් ලමිචේන් Tribhuvan ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනී. ( දර්ශන සහිතයි )

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක Sandeep Lamichhane බ්‍රහස්පතින්දා එරට අගනුවරට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන ඇත. Lamichhane, Tribhuvan ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් භාරයට ගෙන ඇත.

නේපාල ජාත්‍යන්තරය පොලිස් අත්අඩංගුවේ සිටින අයුරු කාන්තිපූර් ටීවී විසින් ට්විටර් හි පලකල වීඩියෝවක දැකිය හැකිය.

පසුගිය සතියේ, Sandeep Lamichhane ෆේස්බුක් හි සටහනක් දක්වමින් කියා තිබුනේ තමන්ඉ තා බලාපොරොත්තුවෙන් සහ ශක්තියෙන්, 2022 ඔක්තෝබර් 6 වන දින ඔහුගෙ මව් රට වන නේපාලයට ළඟා වන බවත්, නීතිමය ක්‍රියාමාර්ගයකට එරෙහිව සටන් කිරීමට නේපාලයේ අධිකාරියට යටත් වන බවත් එම සටහනෙන් තහවුරු කරන බවත් ය.

පසුගිය මාසයේ, කත්මණ්ඩු හෝටලයකදී ඇයව දූෂණය කළ බවට 17 හැවිරිදි ලමිච්චනේට චෝදනා කර ගෞෂලා මෙට්‍රොපොලිටන් පොලිස් කවයේ FIR ගොනු කරන තිබෙ. FIR වලට අනුව,Lamichhane අගෝස්තු 21 වන දින සංචාරයක් සඳහා කත්මණ්ඩු සහ භක්තාපූර් හි විවිධ ස්ථානවලට දැරිය රැගෙන ගොස් එදිනම රාත්‍රියේ කත්මන්ඩු හි හෝටලයකදී ඇයව දූෂණය කර ඇත.

Jamaica Tallawahs වෙනුවෙන් එවකට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි Lamichhane එදිනම ඔහුගේ Facebook ගිණුමේ ලියා තිබුණේ “මම අහිංසකයි. මම CPL එකෙන් නිවාඩු අරගෙන ටික දවසකින් මගේ රටට යන්න තීරණය කළා. මේ සියලු පදනම් විරහිත චෝදනාවලට මුහුණ දෙන්න මම සූදානම්. නීතිය සෑම කෙනෙකුටම එක හා සමානව ක්‍රියා කරයි කියා බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button