BPLCricket NewsEXCLUSIVEPremier League

තරග පාවා දීමේ චෝදනා ලැබු පාකිස්තාන ක්‍රීඩක ශොයිබ් මලික් බංග්ලාදේශයෙන් හොර රහසේම පිටව යයි

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඕවරයක් තුළ ‘නෝ බෝල්‘ තුනක් යවා තරග පාවා දීමේ චෝදනාවකට ලක්වෙයි. මේ චෝදනාව එල්ලවනවාත් සමඟ මලික් බංග්ලාදේශයෙන් හොර රහසේම පිටව ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

සානියා මිර්සාගෙන් වෙන් වී පාකිස්තාන නිළි සානා ජාවෙඩ් සමඟ මෙයට සතියකට පමණ පෙර විවාහ වීමෙන් පසු මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පැමිණි අතර, එහිදී ෆෝචූන් බැරිසාල් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළේය. කුල්නා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී මිනිත්තු 3.29ක් තුළ නෝ බෝල් තුනක් යවා හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 18ක් ලබා දී මතභේදයට ලක්විය. මෙම චෝදනා තහවුරු වුවහොත් ෂොයිබ් මලික්ගේ ක්‍රිකට් ජීවිතය අවසන් වනු ඇතැයි පැවැසේ.

මලික් නියෝජනය කළ ෆෝචූන් බැරිසාල් පිල කඩුලු 8කින් පරාජයට පත්වීමෙන් පසු පන්දු යැවීම සැක සහිත බවට සමාජ මාධ්‍ය තුළ මතයක් ගොඩනැඟුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button