විවාහ වී පැය 24කටත් පෙර පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්
ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්ෂාගෙන් දික්කසාද වී නව විවාහ දිවියකට පිවිස පැය 24ක් යන්නට මත්තෙන් පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවයි.
41 හැවිරිදි ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වූ අතර, ලෝක ක්‍රිකට් පිටියේ දෙවැනියා බවට පත් විය. මලික් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් විස්සයි20 ආකෘතියේ දිගටම ක්‍රීඩා කරමින් ඉදිරි
ලෝක කුසලාන තරගාවලිය අපේක්ෂාවෙන් සිටී. මලික්ට ඉදිරියෙන් කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලොව වැඩිම ලකුණු (14,562) ලබා ඇත. ෂොයිබ් මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ෆෝචූන් බැරිෂාල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින අතර, එම තරගයකදී විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000 පසු කළේය.
ෂොයිබ් මලික් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා 37 හැවිරිදි සානියා මිර්සාගෙන් දික්කසාද වී පාකිස්තාන නිළි සානා ජාවෙඩ් සමඟ දෙවැනි වරට විවාහ ගිවිස ගත්තේය. ෂොයිබ්ගේ පස් හැවිරිදි දරුවා ඉසාන් මේ වන විට සානියා මිර්සා සමඟ ජීවත් වේ. ෂොයිබ් – සානියා 2010 අප්‍රේල් මාසයේදී හයිද්‍රාබාද්හිදී විවාහ වී කලක් ජීවත් වූයේ ඩුබායිහිය.