Cricket NewsEXCLUSIVE

අන් රටවල Premiere League ක්‍රිඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට තහනම් වන ලකුණු – ක්‍රිකට් ආයතනයෙන් තද තීරණයක්.!

එළඹෙන ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙන බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග්(BPL) පන්දු වාර විස්සයි-20 තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වීගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට “විරෝධය පළ නොකිරීමේ සහතික” නිකුත් නොකිරීමට තීරණය කිරීමත් සමඟ වන අතර Premiere League තරඟාවලි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එම “විරෝධය පළ නොකිරීමේ සහතික” අනිවාර්ය වනවා.

කෙසේ නමුත් මෙවර බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග්(BPL) තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු තෝරාගෙන තිබු අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඉහළ ලංසුවකට මිලදී ගැනීමට ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම එහිදී කටයුතු කර තිබුනා.

කෙසේ වෙතත් මෙම තීරණයත් සමඟ ඔහු වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ එම කණ්ඩායමට එක්කර ගැනීමට නියමිත බව ෆෝචූන් බැරිෂාල් කණ්ඩායමේ කළමනාකාරිත්වය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවට වෙනත් විදෙස් ක්‍රීඩකයින් කෙරෙහි මේ වනවිට අවදානය යොමු කරන්නට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කරමින් පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත මෙම තීරණය සමගයි.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන යන ක්‍රීඩකයින් මෙවර තරගාවලිය වෙනුවෙන් BPL හි කණ්ඩායම් විසින් තෝරාගෙන තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (08) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජාතික කණ්ඩායමේ විශ්‍රාම ගන්නා ක්‍රීඩකයන්ට විදේශ ලීග තරගාවලි සඳහා සහභාගිවීමට නම් මාස 06ක කාලයක් ගතවිය යුතු බව තවත් කාරනා දෙකක් දැක්වෙන විශේෂ නිතින් කිහිපයක්ද පනවනු ලැබුවා.

මෙම තීරණය පසුගිය 07 වනදා රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබූ අතර මෙම තීරණය සහ තවත් විශේෂ තීරණ කිහිපයකට එහිදී එළඹ තිබුනේ කුසල් මෙන්ඩිස්,ධනුශ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනාගේ දඬුවම් කාලයද අත් හිටුවමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7