Cricket NewsEXCLUSIVE

LPL පිටියේ සුපිරි දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් වහාම ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි.!

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන ජනවාරි 16 වන දා ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද දින ශ්‍රී ලංකාවට පැමිණියා.

මේ අතර සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් නම් කිරීමට නියමිතව සකස් කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙත යවා ඇති ශ්‍රී ලංකා සංචිතයේ නම ඇතුලත් ‍ක්‍රිඩකයෙකු වන අවිශ්ක ප්‍රනාන්දු හට ඊයේ දින කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස්ව ජාතික කණ්ඩායමට කැඳවාතිබෙනවා.

මේ අතර අද දින කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ ජනිත් ලියනගේ වෙනුවට දිනේෂ් චන්දිමාල්ව අද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන බවත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7