Cricket NewsDomestic CricketEXCLUSIVE

සීක්කුගේ ප්‍රසන්නගේ සුපිරි තුන් ඉරියව් දස්කම් යුධ හමුදා කණ්ඩායම අවසන් මහා තරඟයට ගෙන යයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට යුද හමුදා කණ්ඩායම ඊයේ සමත් විය.ඒ ඊයේ Ace Capitals කණ්ඩායම ලකුණු 123 කින් පරාජයට පත් කරමිනි.

ඊයේ කොළඹ NCC පිටියේදී පැවැති පළමු අවසන් පූර්ව තරඟයේදී කාසියේ වාසිය දිනාගත් යුද හමුදා ක්‍රීඩකයෝ Ace Capitals කණ්ඩායමට මුලින්ම පන්දු රැකීමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි යුධ හමුදා කණ්ඩායම පන්දුවාර 48 කුත් පන්දු 2 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 246 ක් රැස් කරන්නට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රහාරාත්මක පිතිකරු සීක්කුගේ ප්‍රසන්න පන්දු 66 කදී ලකුණු 89 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර 6 කින් හා 6 පහර 6 කින් වර්ණවත් වූ අතර මහේෂ් කුමාර ලකුණු 46 ක් හා පසුපෙල නැංගුරම වූ සුමින්ද ලක්ෂාන් ලකුණු 33 ක් රැස් කරමින් යුධ හමුදා ඉනිම තවදුරටත් ස්ථාවර කලේය.පන්දු යැවීමේදී Ace Capitals කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ,චානක දේවින්ද,ප්‍රමුද් හෙට්ටිවත්ත සහ තනුක දාබරේ අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Ace Capitals කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු ලකුනු 31 ක් රැස් කල තර සෙසු එකදු ක්‍රීඩකයෙකුට හෝ ලකුණු 25 සීමාව පසු කරයන්නට නොහැකි විය.Ace Capitals පිතිකරුවන්ට හිස එසවීමට අවකාශය නොදුන් සීක්කුගේ හා සුමින්ද ලක්ෂාන් දැවී ගිය කඩුලු 10 න් 8 කටම හිමිකම් කීවේය.

යලිත් සාර්ථක වූ සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාව වෙනුවෙන් ලකුණු 26 කට කඩුලු 4 ක් බිඳ දමද්දී යොවුන් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් ද කඩුලු 4 ක් දවාගත්තේ ලකුණු 42 ක් පමණක් ලබාදෙමින්.

තරඟය ලකුණු 123 කින් ජයගත් යුධ හමුදා කණ්ඩායම මෙවර අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button