Cricket NewsEXCLUSIVEInternational

“රශිඩ් ඛාන් ඉතාම දක්ෂ පන්දු යවන්නෙක්, ඔහුට පුළුවන් පන්දු 24ක් තුළ කඩුලු 24ක් දවා ගැනීමට” – Shadab khan

අද යුගයේ ක්‍රිකට් කිව්වම මුලින්ම මතක් වෙන්නේ විස්සයි-20 ක්‍රිකට්. ඒ තරමට T20 ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. පළමු පන්දුවාර 6ට පවර් ප්ලේ, අවසන් පන්දුවාර වල හයේ වැස්ස, පළමු පන්දුවෙන්ම පිතිකරු එල්ල කරන හයේ පහර, පන්දුවෙන් පන්දුවට දෝලනය වන තරඟය වගේ දේවල් ප්‍රේක්ෂක ආකර්ෂණයට ගොඩක් බලපානවා.

ඒ අනුව පිතිකරුවන් විසින් ආධිපත්‍යය දරන විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් පන්දු යවන්නන් ද රැල්ලක් මතු කල බව සඳහන් කල යුතුමයි. ඔවුන්ගේ පන්දු යැවීම නැරඹීමට කැපවූ රසික පිරිසක් ද සිටිනවා. ලසිත් මාලිංග, බුම්රා, ඩේල් ස්ටේන්, බුවනේෂ්වර් කුමාර්, වනිඳු හසරංග, රෂීඩ් ඛාන් මේ ලැයිස්තුවේ ඉන්නවා.

පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින්ටත් විශාල වටිනාකමක් තිබෙනවා. දසුන් ශානක, රවීන්ද්‍ර ජඩේජා, හර්දික් පාණ්ඩ්‍යා, බෙන් ස්ටෝක්ස්, මැක්ස්වෙල් පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද විශිෂ්ට දස්කම් දැක්විය හැකි අයයි. පාකිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක ෂතාබ් ඛාන් ද මේ අතර සිටී. මේ වන විට ඔහු තරග 64කට ක්‍රීඩා කර ලකුණු 275ක් සහ කඩුලු 73ක් ලබාගෙන ඇති අතර ලකුණු 136ක ප්‍රහාරක වේගයක්ද රඳවාගෙන තිබෙනවා.

පාකිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක Shadab khan පසුගිය දා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ රෂිඩ් ඛාන් හට පන්දු 24කදී කඩුලු 24ක් දවාගත හැකි බවයි.

“ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ ශ්‍රී ලංකාවේ වනිඳු හරංග වැනි පා දඟ පන්දු යවන්නන්ට මම කැමතියි. රෂීඩ් ඛාන් දක්ෂතම පා දඟ පන්දු යවන්නායි. විස්සයි-20 ක්‍රිකට් පිටියේ පන්දු 24කදී කඩුලු 24ක් දවා ගැනීමේ ශක්තිය ඔහුට තිබෙනවා. එයාට ඒ තරම් දක්ෂතා තියෙනවා. “ඔහුගේ පන්දුව ගැන අනාවැකි කීම ඉතා අපහසුයි,” යන්වුඑන් ඔහු පවසා තිබෙනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7