Cricket NewsEXCLUSIVE

සියල්ල අවසන් වනු තුරු හිඳ, 2014 දී කල ලෙසටම ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධුරයට පෝල් ෆාබ්‍රේස් පොල්ල තියයි.!

මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුල මෙන්ම පුවත් වෙබ් අඩවි තුලද සඳහන් ව තිබුණු වඩාත් සිත් ඇදගන්නා සුළු කරුණ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට 2014 ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ එවකට ප්‍රධාන පුහුණු කරු වූ පෝල් ෆාබ්‍රේස් , මිකී ආතර්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙසින් යලිත් පත්වීමට සියල්ල සූදානම් බව ය.

කෙසේනමුත් ෆ්‍රාබේස් 2014 දී සිදුකල අන්දමටම අවසන් මොහොතේදී ඔහු එය ප්‍රතික්ශේප කරන්නට තීරණය කර තිබේ.

ඊට හේතුව ලෙසින් ඔහු සඳහන් කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් කැපකිරීම් කල යුතු බැවින් තවදුරටත් වෝක්ශයර් කණ්ඩායමේ අධ්‍යක්ශවරයා ලෙසින්ම රැඳී සිටින බවය.

කෙසේනමුත් ඉන්දියාව , ඔස්ට්‍රේලියාව හා එංගලන්තය හැරුණු කොට පුහුණුකරුවන් සඳහා ඉහළම ගෙවීමක් කරන්නේ ද ශ්‍රී ලංකාව වන අතර එවන් තත්වයක් මත වසර දෙකක් සඳහා ගිවිසුම් ගත වීමට තිබුණු අවස්ථාව ඔහු යලිත් ප්‍රතික්ශේප කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උභතෝකෝටික ප්‍රශ්න රාශියකට යලිත් ඇද දැමීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button