Cricket NewsEXCLUSIVE

“යෝග්‍යතා පරීක්ෂණයට මට දිනයක් ලබා දෙනකන් මන් බලන් ඉන්නේ” – භානුක රාජපක්ෂගෙන් ක්‍රිකට් රසිකයන්ට පණිවිඩයක්.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ භානුක රාජපක්ෂ පසුගිය සමයේ ක්‍රිකට් ලෝකයේ දැඩිව කතා බහට ලක්වූ චරිතයක් වුවා.

ඒ ඔහු හදිසියේම සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමග වන අතර ශ්‍රී ලංකා රසිකයන් ගෙන එම මාධ්‍ය මෙහෙයුමක් ද දියත් කරනු ලැබුවා.

අනතුරුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවා මැදිහත් වී එම ගැටලුව විසදීමට ට සමත් වු අතර භානුක රාජපක්ෂ ද සිය ඉල්ලා අස් වීම ඉවත් කරගනු ලැබුවා.

කෙසේ නමුත් එම සිදුවීමෙන් ටික දිනකට පසුව එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කල අතර භානුක රාජපක්ෂ එයට ඇතුලත් වුයේ නැහැ.

මේ සම්බන්ධයෙන් විවිධ හේතුන් දක්වමින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනා.මෙම මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා ගැන භානුක රාජපක්ෂ සිය Instagram ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදි භානුක රාජපක්ෂ පවසන්නේ තමන් යෝග්‍යතා පරීක්ෂණය අසමත්වු බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවත් තමන් තවමත් යෝග්‍යතා පරීක්ෂණය සදහා මුණ නොදුන් බව ද භානුක රාජපක්ෂ පවසනව.

එමෙන්ම යෝග්‍යතා පරීක්ෂණය සදහා තමන්ට ලබා දෙන දිනය තහවුරු කරන තෙක් බලා සිටින බවද භානුක වැඩිදුරටත් එම සටහනේ දක්වා තිබුනා.

ඒ අතරවාරයේ ක්‍රීඩාවේ වඩාත් වැදගත්කම කොටස සිදුකරමින් සිටින බව භානුක දක්වා ඇත්තේ පිතිකරකණයේ යෙදෙන විඩීයෝවක් ද සිය Instagram ගිණුමට එක් කරමිනි.

භානුක රාජපක්ෂ Instagram ඔස්සේ තබා තිබු සටහන පහතින්,

 

View this post on Instagram

 

A post shared by Bhanuka Rajapaksa (@bhanukarajapaksa)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7