Cricket NewsEXCLUSIVELegends Series

Legends ලෝක ශුරතාවලියේ සිය දෙවන ජයත් වාර්තා කළ ඉන්දියන් Legends කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අසලටම පැමිණෙයි.!

Road Safety World Series තරඟාවලියේ දෙවන සංස්කරණය මේ දින වල ඉන්දියාව කේන්ද්‍ර කොටගමින් පැවැත්වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා තරඟාවලිය සෑම වසරකම සංවිධානය කරනු ලබනවා.

මේ අතර තරඟාවලියේ 14 වන තරඟය ලෙස ඊයේ ඉන්දියා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 40ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමිනි.

අයහපත් කාලගුණ තත්වයය හේතුවෙන් තරගය පන්දුවාර 15කට සිමා වුනා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ලෙජන්ඩ්ස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ආරාධනා කරා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්ත ලෙජන්ඩ්ස් වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Sachin Tendulkar පන්දු 20කදී ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් වුනා. Yuvraj Singh ලකුණු 31ක් රැස් කළ අතර Yusuf Pathan ලකුණු 27ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Stephen Parry කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 176ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත ලෙජන්ඩ්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරීමට සමාත් වුයේ ලකුණු 130ක් පමණයි.

එංගලන්ත ලෙජන්ඩ්ස්ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Chris Tremlett ලකුණු 24ක් රැස් කල අතර Phil Mustard ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rajesh Pawar කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7