Cricket NewsEXCLUSIVEUnder-19

ශ්‍රි ලංකා යෞවනයන් පරදා පාකිස්තාන යෞවනයෝ කඩුලු 9 කින් ජය ලබති

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම අතර පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති තෙදින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම පෙරේදා (17 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 8 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානුවෝ කඩුල්ලක් දැවී එය සපුරාගත්හ.

දෙවැනි දිනය වූ 16 වැනිදා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට පාකිස්තාන යෞවනයෝ සමත් වූහ. ඒ අනුව ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ශ්‍රී ලංකා ‍යොවුන් පිලට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදු විය.

පාකිස්තාන ‍යොවුන් පිලට වඩා ලකුණු 229 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට පුළිඳු පෙරේරා (50) සහ නායක සිනෙත් ජයවර්ධන (52) සමත් වූහ. පුළිඳුගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින්ද, සිනෙත්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින්ද සමන්විත විය.

කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 125 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් අනතුරුව ලකුණු 111 ක් ඇතුළත ‍ඉතිරි කඩුලු 7 ද දවාගැනීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. මොහොමඩ් ඉස්මයිල්, මොහොමඩ් ඉබ්ටිසම්, අලී අස‍්ෆන්ඩ් සහ නවීඩ් අහමඩ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම වැනසූහ.

 

පාකිස්තාන යොවුන් පිලේ පළමු ඉනිම – කඩුලු 9 ක් දැවී 433
(අසාන් අවයිස් 104, ශාසයිබ් ඛාන් 161, සාද් බේග් 68, මල්ෂ තරුපති 75/3, රවිෂාන් පෙරේරා 44/2, විහස් තෙව්මික 105/2)

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම – සියලු දෙනා දැවී 204
(සිනෙත් ජයවර්ධන 38, පුලිඳු පෙරේරා 65, හිරාන් ජයසුන්දර 22, මල්ෂ තරුපති 23, මොහොමඩ් ඉබ්ටිසම් 37/3, අයිමාල් ඛාන් 47/3, අර්ෆට් මින්හාස් 31/2)

ශ්‍රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 236
(පුළිඳු පෙරේරා 50, සිනෙත් ජයවර්ධන 52, රවිෂාන් ද සිල්වා 24, විෂ්ව ළහිරු නොදැවී 29, රවිෂාන් පෙරේරා 22, මොහොමඩ් ඉස්මයිල් 18/2, මොහොමඩ් ඉබ්ටිසම් 20/2, අලී අස‍්ෆන්ඩ් 54/2, නවීඩ් අහමඩ් 61/2)

පාකිස්තාන යොවුන් පිලේ දෙවැනි ඉනිම – කඩුල්ලක් දැවී 9

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button