Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව වසර 12කට පසු නව­සී­ල­න්ත­යට එරෙහි එක්දින තර­ගා­වලි ජයක් සොයමින් දෙවැනි එක්දින ගැටුම හෙට පල්ලෙ­කැ­ලේදී

සංචා­රක නව­සී­ල­න්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තර­ගය මහ­නු­වර පල්ලෙ­කැ­ලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී හෙට (17) දිවා – රාත්‍රී තර­ග­යක් ලෙස පැවැත්වේ. පළමු එක්දින තර­ග­යෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල අද පිටි­යට පිවි­සෙන්නේ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය කල් ඇතිව ජය ගැනීමේ අපේ­ක්ෂා­වෙනි.

ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර මෙතෙක් පැවති එක්දින තර­ග­ව­ලදී 2012න් පසු ශ්‍රී ලංකාව එක්දින තර­ගා­ව­ලි­යක් වසර 12ක් තිස්සේ දිනා නැත. තරග 103ක් දෙරට අතර පවත්වා එයින් 52ක් නව­සී­ල­න්තය හා 42ක් ශ්‍රී ලංකාව ජය­ග්‍ර­හ­ණය කළ අතර, විස­ඳු­මක් නැති තරග 8ක් හා ලකුණු සමවූ තර­ග­යක් වාර්තා පොතේ සඳ­හන්ව තිබේ.

පල්ලේ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකාව සහ­භාගි වූ අව­සන් එක්දින තරග 10න් 7ක් දිනා ප්‍රබල තත්ත්ව­යක සිටි­යදී මෙම තර­ග­යට එක්වේ. එහිදී ප්‍රබල ඉන්දි­යාව, බට­හිර ඉන්දීය කොදෙව්, බංග්ලා­දේ­ශය හා ඇෆ්ග­නි­ස්තා­නය යන රට­වල් පරා­ජය කොට තර­ගා­වලි ජය­ග්‍ර­හණ ශ්‍රී ලංකා නාමය ඉදි­රියේ සට­හන් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සමත් වූහ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තර­ගා­වලි 4ක් පිට පිට ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ මේ තර­ගා­ව­ලියේ වැඩි වාසි ලබා ගැනීමේ සූදා­න­මින් පසු­වෙති.

පළමු එක්දින තර­ග­යේදී කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු යුග­ලය ශතක රැස් කිරී­මත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ඕවර 49. 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 324ක් වූ අතර, ඇද හැලුණු වර්ෂා­වෙන් පසු ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ නව­සී­ල­න්ත­යට ඕවර් 27ක් තුළදී ලකුණු 221ක ඉල­ක්ක­යක් ලැබු­ණද, ඔවුන් ලකුණු 175කට සීමා විය.

ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ යහ­පත් ස්ථාව­ර­යක සිටීම පළමු එක්දින ක්‍රිකට් තර­ග­යේදී දක්නට ලැබුණු සුවි­ශේෂී සිදු­වී­මකි. එක්දින ඉනිම 21කට පසු ශත­ක­යක් වාර්තා කළ කුසල් තම එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කර­මින් පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 143ක් ලැබූ අතර,රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණයේ පිති­ක­රු­වෙකු රැස් කළ ඉහ­ළම ලකුණු වාර්තාව ද සතු කර ගත්තේය. අවිශ්ක පන්දු 115කදී හයේ පහර 2 හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලබා ගැනීම ද ශ්‍රී ලංකා පිල ස්ථාවර තත්ත්ව­ය­කට රැගෙන ආවේය.

පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ තණ­තී­රුව පිත්ත සහ පන්දුව අතර මනා සම­බ­ර­තා­වක් ඇති කර­මින් ක්‍රියා­ත්මක වන අතර, විශාල ලකුණු ප්‍රමා­ණ­යක් ලබා ගත හැකි තණ­ති­ල්ලකි. මෙම ක්‍රීඩා පිටි­යේදී පැතුම් නිස්සංක ද්විත්ව ශත­ක­යක් ලබා­ගෙන ඇති අතර ඔහු අද දිනයේ ආර­ම්භක පිති­කරු ලෙස පිටි­යට පිවිසේ.

දඟ­පන්දු යව­න්නන්ට සහ වේග පන්දු යව­න්නන් දෙව­ර්ග­ය­ටම තණ­තිල්ල උප­යෝගි කර ගත හැකි අතර, බිඳ වැටුණු කඩු­ලු­ව­ලින් සිය­යට 59ක් දඟ පන්දු යව­න්නන් විසින් දවා­ගෙන ඇති අතර, ඉතිරි කඩු­ලු­ව­ලින් සිය­යට 41ක් වේග පන්දු­වල ගොදුරු වී ඇත.

පල්ලේ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණය අවට ගිගු­රුම් සහිත වැස්සක් පුරෝ­ක­ථ­නය කර ඇති නිසා තර­ගය අත­ර­තුර වර්ෂා බාධා අපේක්ෂා කෙරේ. ගිගු­රුම් සහිත වැසි ඇති­වීමේ සම්භා­වි­තාව 21%ක් පමණ දැක්වෙන අතර, වර්ෂා­ප­ත­නයේ සම්භා­වි­තාව 72%ක් බව පෙන්වා දී තිබේ. කාල­ගුණ අනා­වැකි අනුව ක්‍රීඩාව අත­ර­තුර වර්ෂා­ප­ත­න­යට සුළු සම්භා­වි­තා­වක් ඇති අතර, එයින් සුළු බාධා­වක් ඇති විය හැකි බවට අනා­වැකි පළ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button