Cricket NewsInternational

හර්ශිතා මාධවීගේ විශිෂ්ඨ අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිට පිට දෙවැනි ජයත් ලබයි !

කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්වූ තෙවැනි තරඟය අද බංග්ලාදේශයේ සිල්හෙල්ට් ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවා.ඒ තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.ලකුණු 49 ක ජයග්‍රහණයක් එහිදී අත්පත් කරගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තායිලන්ත කණ්ඩායමට මුලින්ම පන්දු රැකීම සඳහා ආරාධනා කර සිටියේය.ඒ අවසරෙන් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කලේය.ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් හර්ශිතා මාධවී ලකුණු 81 ක් රැස් කලේය.පන්දු 69 ක් පුරාවට ක්‍රියාත්මක වූ එම ඉනිම හතරේ පහර 10 කින් වර්ණවත් විය.ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිකරණයක නියැළුණු නිලක්ෂි ද සිල්වා පන්දු 21 කදී වේගවත් ලකුණු 39 ක් රැස් කලේය.නිල්ක්ෂිගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 3 ක් අන්තර්ගත විය.පන්දු යැවීමේදී තායිලන්තය වෙනුවෙන් Thipatcha Putthawong කඩුලු දෙකක් දවාගන්නට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි තායිලන්ත ක්‍රීඩිකාවන් හට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 107 ක් පමණි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Chanida Sutthiruang ලකුණු 32 ක් රැස් කලේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නියැලුණු අචිනි කුලසූරිය කඩුලු 2 ක් බිඳ දැමුවේය.

තරඟය ලකුණු 49 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 4 ක් සමඟිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button