Cricket NewsEXCLUSIVEInternational

දුශ්මන්ත චමීර හට ඔස්ට්‍රේලියාවේදී සැත්කමක් – ප්‍රමුඛතම තරඟාවලියක් මගහැරෙන ලකුණු.

ඉකුත් ආසියානු කුසලානය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුයවන්නා වන දුශ්මන්ත චමීර හට ක්‍රීඩා කිරීමට නොහකි වූයේ ඔහුගේ වළලුකර ප්‍රදේශයේ ඇතුවූ ආබාධයක් හේතුවෙන්.ආබාධයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව චමීර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබුවා.

කෙසේ නමුත් අභ්‍යතර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේදි චමීරගේ වළලුකර ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවය.ලෝක කුසලානයෙන් අනතුරුව එසේ ඔහුව ශල්‍යකර්මයක් සඳහා භාජනය කල ජේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා තිබුණි.

ශල්‍යකර්මයෙන් අනතුරුව සති හයකට ආසන්න කාලයක් චමීර හට විවේක ගැනීමට සිදුවනු ඇති අතර ඒ හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත අබුඩාබි ටී 10 තරඟාවලියද චමීර හට මගහැරෙනු ඇත.

ශල්‍යකර්මයෙන් අනතුරුව චමීර හට ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.කෙසේ නමුත් 31 වන වියෙහි පසුවන චමීරගේ ක්‍රිකට් දිවිය හා කාර්‍යය කලමණාකරණය කිරීමේ අටියෙන් වැඩිවශයෙන් සීමිත පන්දුවාර තරඟ තුල ඔහු වැඩි වශයෙන් භාවිත කෙරුණු අතර ශල්‍යකර්මයෙන් අනතුරුව යලිත් ටෙස්ට් තරඟ සඳහා ඔහු යොදාගන්නවාද යන්න තීරණය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7