Cricket NewsEXCLUSIVEInternational

රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි

ඉන්දීය පිතිකරුවන් හමුවේ ප්‍රචණ්ඩකාරී පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා (44/5) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් නුවරදී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක් දවාගත්තේය. තේ පානයෙන් පසුව මඳ වේලාවකින් ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීමත් මන්දාලෝකයත් හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියහ.

තරගයේ තේ පානයට පෙරම ලකුණු 165 ක් ඇතුළත ඉන්දීය පිලේ ප්‍රබලතම පිතිකරුවෝ හත් දෙනෙක් දැවී ගොස් සිටියහ. ඒ වන විට පිටියේ ඉතිරි වී සිටි පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල්ගේ සහායට සිටියේ පන්දු යවන්නන් පමණි. කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන් සමග එක්ව සටනක් දුන් ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින් ඉන්දියාව ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය.

රබාඩා යැවූ 47 වැනි ඕවරයේ පළමු පන්දුව ශර්දුල් ඨාකූර්ගේ දකුණු බාහුවේ වැදීම නිසා පිතිකරුවා බොහෝ අපහසුතාවට පත්විය. වේදනාවෙන් මිරිකෙමින් ඊළඟ පන්දුවට ඩ්‍රයිව් පහරක් ගැසීමට ගිය පිතිකරුවා ඩීන් එල්ගාර්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

වැහි අඳුර යට කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානුවෝ පළමුව පන්දු යැවීම තෝරා ගත්හ. පස්වැනි ඕවරයේදීම නායක රෝහිත් ෂර්ම දැවී ගියෙන් දකුණු අප්‍රිකානුවන්ට තම තීරණයේ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවිය.

ලකුණු 23 ක් ඇතුළතදී ඉන්දීය කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් විරාට් කෝලි (38) සහ ශ්‍රෙයාස් අයියර් (31) එක්ව සහනශීලී සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් ලකුණු 15 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනාම දවාගැනීමට කගීසෝ රබාඩා සමත් වූයෙන් ඉන්දීය පිල අමාරුවේ වැටිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button