Cricket NewsEXCLUSIVEInternational

සිංහයන් විස්සයි20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවත් වාර්තා කරයි.

දකුණතින් වේගපන්දු යවන ඇන්රිච් නෝයේගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ද ශ්‍රී ලංකා පිලට අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමේ වාර්තාව උරුම කරදුන් දකුණු අප්‍රිකානුවෝ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ නිව්යෝක් නුවර පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කර ගත්හ. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ දුර්වල පිති හරඹය හේතුවෙන් ඕවර 19.1කදී ලකුණු 77කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකානු පිල ඕවර 16.2කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී මීට පෙර ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 82ක් වූ අතර, එය වාර්තා වූයේ 2016 වසරේ ඉන්දියාවට එරෙහිව විශාකාපට්නම් පිටියේදීය. ඊට පෙර ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කට දැවී ගොස් විස්සයි20 ලෝක කුසලාන තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තබනු ලැබුවේ 2010 වසරේ බටහිර ඉන්දීය දුපත්වල පැවැති තරගාවලියේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button