Cricket NewsEXCLUSIVEMatch Review

ප්‍රභාත් ජයසුරියගේ සහ රමේෂ් මෙන්ඩිස්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ප්‍රභල පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉණිමට ලකුණු 378ක් රැස් කළ අතර පකිස්තාන පළමු ඉණිම 231ක් ලෙස සටහන් වූවා.

අනතුරුව සිය දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 360ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කළ අතර ඒ අනුවයි ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක් පකිස්තානයට හිමි වූවා.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා පකිස්තානයට සිය දෙවන ඉණිම තුල ලකුණු 508ක් රැස්කිරීමට අවශ්‍ය වූ නමුත් ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ සියලු දෙනා දැවී පකිස්තානයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 261ක් පමණයි. ඒ අනුව ලකුණු 246ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වුනා.

පකිස්තාන දෙවන ඉණිමේ වැඩිම කඩුලු ලාභියා වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිඳ හෙලු අතර එය ඔහු විසින් බිඳ හෙලු සිව් වන කඩුලු පහේ අවස්ථාවයි. ඊට අනගි සහයක් දුන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් බිඳ හෙලුවා.

පකිස්තාන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Babar Azam ලකුණු 81ක් රැස් කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවත් ඔහුටත් ප්‍රභාත් ජයසුරියගේ පන්දුවක් හමුව් දැවී යාමට සිදු වුනා.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 378/10
පකිස්ථාන පළමු ඉණිම – 231/10
ශ්‍රී ලංකා දෙවැනි ඉණිම – 360/8
පකිස්ථාන දෙවැනි ඉණිම – 261/10

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button