Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව ඔවුන්ගේ පසුබෑමෙන් මිදිලා ඉන්නෙ, ඔවුන්ගේ ඉදිරි ගමනේ ධනාත්මක මංසලකුණු රාශියක් පෙන්නුම් කරනවා” – හිටපු සුපිරි ක්‍රිකට් නායක රිකී පොන්ටින්

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.

එමෙන්ම මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියත් 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වූ එකම කණ්ඩායම බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග ආකෘති ත්‍රිත්වයේම මේ වන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින අතර ඉතා සටන්කාමී ලෙස ඕනෑම ප්‍රබල කණ්ඩායමක් ඉදිරියේ ක්‍රීඩා කරනු ලබනවා.

පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තියුණු පිබිදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් නායක රිකී පොන්ටින් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා.

“පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යම් පසුබෑමකට ලක්වුවත්, ඔවුන් ඒ සිටින ස්ථානයේ සිට මීට සතියකට පමණ පෙර ටෙස්ට් තරගයකදී ඉතාමත් හොද ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කිරීමට ඔවුන් සමත් වුණා. ඔවුන්ගේ ඉදිරි ගමන සදහා ඇත්තෙන්ම හොද ධනාත්මක මංසලකුණු රාශියක් පෙන්නුම් කරන බව මට කිවහැකියි. ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button