Cricket NewsEXCLUSIVE

ඉන්දු-පකිස්තාන ආසියානු කුසලාන සත්කාරකත්ව ගැටුමේදී ශ්‍රී ලංකාව,බංග්ලාදේශය හා ඇෆගනිස්ථානය ඉන්දියාව සමඟින් සිට ගනී !

ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හේතු කොට ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයත් සීතල යුද්දධයක කොටස් කරුවන් බවට පත්ව තිබේ.ඉන්දියාව පකිස්තානයේ සත්කාරකත්වය ප්‍රතික්ෂේප කරමින් වෙනත් සත්කාරකත්වයක් කරා යොමු විය යුතු බව දිගින් දිගටම කියා සිටී.

කෙසේ නමුත් අද ප්‍රමුඛ පෙලේ ඉන්දීය පුවත් සේවයක් අවධාරණය කරමින් කියා සිටින්නේ පකිස්තානය එක් පසෙකටත් ඉන්දියාව තවත් පසෙකටත් වී සිටින අතරවාරයේදී ආසියාවේ සෙසු ප්‍රධානතම ක්‍රිකට් පාලක මණ්ඩල ඉන්දියාවට පක්ෂව තමන්ගේ මතය ප්‍රකාශ කරමින් පකිස්තානයේ දෙමුහුන් ආකෘතිය ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකාව,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයන් සියල්ලම පාහේ එලෙස ඉන්දියාවට පක්ෂව සිටින බවත් පකිස්තානයේ දෙමුහුන් ආකෘතිය ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත් එම පුවත් සේවය තව දුරටත් අණාවරණය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
10
+1
5
+1
3
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button