Cricket NewsEXCLUSIVE

කලකට ඉහතදී ජගත් ටෙස්ට් පිටියට සමදුන් මොයින් අලී යලිත් ටෙස්ට් පිටියට පිවිසීමට සැරසෙයි!

එංගලන්තය මේ වසරේ තමන් මුහුණ දීමට නියමිත ප්‍රධානතම ටෙස්ට් තරඟාවලිය සඳහා මේ මස 16 වැනිදා සිට එක්වීමට නියමිතයි.ඓතිහාසික අලු බඳුන තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ එංගලන්තයයි.

නමුත් එංගලන්තය දෙසින් ඇසෙන්නට තිබෙන්නේ එතරම් හොඳ පුවත් කිහිපයක් නම් නොවේ.එංගලන්තය මෙවර සිය ක්‍රිකට් ගිම්හානය අරඹමින් අයර්ලන්තයට එරෙහිව තරඟ වැදුණු අතර එහිදී තරමක ආබාධයකින් පෙළුණු ජැක් ලීච්ගේ ආබාධය ප්‍රභල අබාධිත තත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව ඔහුට අලු බඳුන තරඟාවලිය මගහැරෙනු ඇති බවයි ECB මාධ්‍ය වෙත එක් කර තිබුණේ.ඒ අතරවාරයේදී එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් යලිත් එක් කරගැනීමේ අපේක්ෂාවන් මොයීන් අලී පිළිබඳව තිබෙන බවත් ලීච්ගේ ආබාධය හේතුවෙන් අලීගේ පැමිණීම කණ්ඩායමට අතිරේක වාසියක් වනු ඇති බවද සඳහන්.

කෙසේ නමුත් මෙයට අලී පාර්ශවයෙන් ලැබෙන ප්‍රතිචාරද ඉතා හොඳ මට්ටමක තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button