Cricket NewsEXCLUSIVEInternational
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
3
+1
+1
1
+1