BusinessCricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

‘මහනුවර ක්‍රිකට් සරසවිය’ අතරමග නතර වෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වඩාත් ඉහළ වෘත්තීමය තලයකට කැඳවගෙන ඒමත්, ඔවුන්ට වෘත්තීමය සුදුසුකම් සලසා දීමත් අරමුණු පෙරදැරිව වසර 2017 දී ආරම්භ කිරීමට සූදානම් කළ ‘මහනුවර ක්‍රිකට් සරසවිය’ අතරමග නතර වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තිලංග සුමතිපාල මහතා කටයුතු කරමින් සිටි සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුව හමුවේ තම සැලැස්ම විස්තර කරමින්, 2017 අපේ්්‍රල් 22 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමේදී ‘මහනුවර ක්‍රිකට් සරසවිය’ ඉදිකිරීම සඳහා අනුමැතියත් ලබාගෙන තිබිණ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කරන ලද වැය ශීර්ෂය රුපියල් මිලියන 50 කි.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගත් පසුව, ඔවුන් විසින් තෝරාගනු ලබන්නා වූ විෂය ක්ෂේත්‍රයක ඉහළම කුසලතා සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ලබාදීමයි. එක් එක් විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔවුනට වෘත්තීය සුදුසුකම් සලසා දීමත් මහනුවර ක්‍රිකට් සරසවිය ඉදිකිරීමේ තවත් අරමුණක් විය.

ආසියානු රටවල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී සිටින්නන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීමය සුදුසුකම් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් මහනුවර පිහිටුවීමත් මහනුවර ක්‍රිකට් සරසවිය ඉදිකිරීමේ තවත් අරමුණක් වූ බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’ට පැවසීය.

‘මහනුවර ක්‍රිකට් සරසවිය’ සඳහා තට්ටු 7 කින් සමන්විත ගොඩනැඟිල්ලක් ද ඇතුළුව ගෘහ නිර්මාණ සැලසුම් ද අවසන් කරන ලද නමුත් එය කිසිවකුට නොදන්වාම කාලයේ වැලිතලාව යට සැඟව ගියේය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන එදිරිවාදිකම් හේතුවෙන් මහනුවර ක්‍රිකට් සරසවියට එල්ල වූ විරෝධතා බවද කියැවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button