Cricket NewsEXCLUSIVEInternational

අපි මේ තණතිලි ගැන දන්නේ නෑ, ඊළඟ තරගය ගැන තවම කියන්න බෑ – ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග

පෙරේදා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග පැවසුවේ මෙය හොද ආරම්භයක් නොවුණද මීළඟ තරගවලදී උපරිම දස්කම් දක්වා තරග ජයග්‍රහණය කරන බවය.

“අපට හොඳ පන්දු බළඇණියක් සිටිනවා. විශේෂයෙන්ම අපේ වේග පන්දු යවන්නන් නව පන්දුවෙන් හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අඩු ලකුණු ගණනක් වුණත් දකුණු අප්‍රිකාවට තර්ජනයක් දුන්නා. යම් විදිහකින් ලකුණු 120ක්, 130ක් ගහන්න පුළුවන් වුණා නම් මේ තරගයේ ප්‍රතිඵලය මෙයට වඩා වෙනස්. පසුගිය දවස් කිහිපයේ අප ඉතාම කාර්යබහුල වුණා. පැය එකහමාරක් විතර තරගය දිනයේ උදෑසන අපට ගමන් කිරීමට වුණා. පළමු තරග දෙක ස්ථාන 4ක තියෙන්නේ. නිව්යෝක් ඉඳන් ඩලස් වෙත යා යුතුයි. ඉන් පස්සේ අපි ෆ්ලොරීඩා වෙත. අපි මේ තණතිලි ගැන දන්නේ නෑ. අපිට පුහුණු තරග දෙකක් පමණයි තිබුණේ” වනිඳු හසරංග පැවසීය.

“ඊළඟ තරගය ගැන තවම කියන්න බෑ. තණතිල්ල දැක්කාම කියන්න පුළුවන්. අවසන් විස්සයි20 තරග කිහිපයම ජය ගත්තේ දෙවැනියට පන්දු යවලා. මුලින් පහරදීමට අපි ගත්ත තීරණයේ වරදක් නෑ. අපේ ඉලක්කයේ වරදක් වුණේ. අපේ ක්‍රීඩකයන් අතර අදහස් හුවමාරු වුණා මදි. තරගය යද්දී අපට කතා කරගෙන ලකුණු 120ක් පසු කරගන්න තිබුණානම් ඒක ඇති තරගය දිනන්න”

“දකුණු අප්‍රිකාවට ලෙහෙසි වුණේ නෑ. ලොකු පීඩනයක් දුන්නා. ඕවර 16ක් වනතුරු අපි පන්දු යැව්වා ඔවුන්ට ලකුණු 70 ගහන්න. මේ තණතිල්ල විස්සයි20 තරගවලට හොඳ නෑ. ඇතැම් වේලාවට සෙමින්, තවත් වේලාවක වේගයෙන් පන්දුව එනවා. වෙනස්කම් තිබුණා. පවර් ප්ලේ එකේදී අපි ලකුණු 20ක් විතර ගහලා තිබුණේ. මම උඩින් ආවේ දඟ පන්දුවට පහරදීලා ලකුණු වැඩියෙන් ගන්න. අවාසනාවකට දැවී ගියා. මේ දේ මම කලින් කර තිබෙනවා. සාර්ථක වෙලා තියෙනවා. ඊළඟ තරගය අපට වැදගත්” වනිඳු හසරංග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button