Cricket NewsEXCLUSIVE

අත්‍යාවශ්‍යම බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක් පරිත්‍යාග කරයි – නෙට්බෝල් කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රු. ලක්ශ 20 බැගිනුත් ලබා දෙයි.!

ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් කාණ්ඩායමට, නෙට්බෝල් කණ්ඩායමට හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ දස්කම් දැක්වූ තරඟකරුවන්ට ලබාදෙන විශේෂ රාත්‍රී බෝජන සංග්‍රහය සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී මේ වන විට පැවැත්වෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් හා ක්‍රිකට් බලධාරින්, නෙට්බෝල් කණ්ඩායම සහ ඒ නිළධාරින් සහබාගි වී තිබෙනවා.

මේ අතර එම උත්සවස අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ශ 5ක් පරිත්‍යාග කිරීමට කටයුතු කල අතර නෙට්බෝල් කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රු. ලක්ශ 20 බැගින් ප්‍රධානය කිරීමටද කටයුතු කර තිබෙනවා.

මිට පෙර පසුගිය මැයි මාසයේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් යතනය විසින් ඩොලර් මිලියන දෙකක මුදලක් අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button