Cricket NewsEXCLUSIVE

ICC Player Of Month – පසුගිය අගෝස්තු මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ICCය සිම්බාබ්වේ සුපිරි පිතිකරු Sikandar Razaව නම් කරයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. එය හඳුන්වනු ලබන්නේ ICC Player Of Month ලෙසයි.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනා ලෙසට ICC ය නිර්දේශ කරනු ලැබුවේ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza ,එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes සහ නවසිලන්ත ක්‍රිඩක Mitchell Santner යන ක්‍රීඩකයන් තිදෙනාවයි.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් Online මනාප පළ කිරීම විවර වූ අතර ඒ අනුව ICC විශේෂ විනිසුරු මඩුල්ලේ සහ ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ මනාප මගින් පසුගිය අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේ සුපිරි පිතිකරු Sikandar Raza තේරී පත් වූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් දෙනු ලැබුවා.

පසුගිය බංගලාදේශය සමග පැවති විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුවා. මෙම දස්කම් හේතුවෙන් මෙවර ICC Player Of Month සම්මානය Sikandar Raza හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7