Cricket NewsEXCLUSIVE

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වන සියලුම ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසුම් ගතවී තිබෙන සියලුම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් හා ශාරීරික යෝග්‍යතාව පිරිහීම අවම කරගැනීමේ අරමුණින් නව නීති මාලාවක් සම්පාදනය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ගෙවී ගිය තරඟාවලි කිහිපය තුල ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධ වලට ගොදුරු වීම මත ජාතික සංචිතයන් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් ලබන වසරේ සිට වඩාත් දැඩි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී සමත් විය යුතුය.

මෙම වසර ආරම්භයේදී ක්‍රිකට් ආයතනය කිලෝමීටර් 2 ක ධාවන යෝග්‍යතා පරීක්ෂණය ආරම්භ කළේය මෙය විනාඩි 8 යි තත්පර 35 කින් අවසන් කිරීමට ක්‍රීඩකයන් හට හැකියාව තිබිය යුතු වුවත් පසුව ක්‍රිකට් උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව අනුව එම කඩඉම් කාලය විනාඩි 8 තත්පර 55ක් දක්වා දීර්ඝ කරන ලදී.

නමුත් ද සන්ඩේ ටයිම්ස් හි වාර්තාවකට අනුව, ක්‍රිකට් ක්‍රීඩකයින්ට හට දැන් දැන් එම යෝග්‍යතා පරීක්ෂණයට ලැබෙන කාලය මිනිත්තු 8 තත්පර 10 කට සීමා කර ඇති අතර, මෙම නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන ක්‍රීඩකයින්ගේ වාර්ෂික වැටුපෙන් කොටසක් මණ්ඩලය විසින් කපා හැරීමට නියමිත බවද සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ මෑත කාලයේදී ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති නමුත් එය තවත් වර්ධනය වීමට අවශ්‍ය බවත්ය.

“පෙබරවාරි මාසයේදී ක්‍රීඩකයෙකු මිනිත්තු 8.35 කින් කිලෝමීටර් 2 ක් දිව ගොස් නිම කළේ නම්, ඔහුට දැන් එය විනාඩි 8.10 ට අඩුවෙන් කිරීමට හැකි විය යුතුයි. අපට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි වෙහෙසක් දැරීම වන අතර ශාරීරික යෝග්‍යතාවයේ අඩු පාඩු අවම කරගැනීමයි” යනුවෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලබන වසරේදී පැවැත්වීමට නියමිත යෝග්‍යතා පරීක්ෂණ හතරෙන් පළමුවැන්න 2022 ජනවාරි 7 වන දින පැවැත් වීමටද ක්‍රිකට් ආයතනය සුදානමින් පසු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7