Cricket NewsEXCLUSIVE

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කරට කර සටනක්.!

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රථම ස්ථානයට මේ වන විට කණ්ඩායම් දෙකක්ම පත් වී තිබෙනවා. ඒ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 24ක් ලබාගනිමින් 100%ක ප්‍රතිශතයක්ද ලබාගෙන තිබෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි.

ඊයේ පස්වරුවේ අලුබඳුන තරඟාවලියේ දෙවන තරඟය නිමාවට පත් වුණේ දෙවන තරඟයේත් ජයග්‍රහණය සත්කාරක ඕස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

තරඟයේ ජය ලකුණු 275න් ඉතාමත්ම පහසුවෙන් ඕස්ට්‍රේලියාවට හිමි විණි. මේ අනුව ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවයේ පලමු ස්ථානය කරා පැමිණීමට සමත්කම දැක්වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරඟ ද්විත්වයේම ජය හිමි කරගත් ශ්‍රී ලංකාව සමඟින් සම ස්ථානය බෙදාගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි විණි.

මෙම ලකුණු පුවරුවේ තෙවන ස්ථානය දරන්නේ පාකිස්තානයයි.

සිව්වන ස්ථානය ඉන්දියාවත් පස්වන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වනුත් දරන අතර ටෙස්ට් ලෝක ශූරතා ශූරයන් වන නවසීලන්තය රැඳී සිටින්නේ හත්වන ස්ථානයේයි.

අට වන ස්ථානයේ එංගලන්ත කන්ඩායමත් අවසන් ස්ථානයේ බංග්ලාදේශයත් රැඳී සිටියි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7