Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවම ආවරණය කරමින් දිස්ත්‍රික්ක 14ක නව ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරිමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩම් සොයයි.!

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයට පතාක යෝධයන් බිහි කල දිවයිනක් ලෙසයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තැබූ ඇතැම් වාර්තා කිසිදාක බිඳී නොයන තරමට සවිමත් වාර්තාය.

එමෙන්ම එවැනි සහජ දක්ෂතාවයන් හෙබි සෑම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ“ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 14 ක දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, අම්පාර, කෑගල්ල, නුවරඑලිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ඒ අනුව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා ඉඩම් මිල දී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වනවා.

එමෙන්ම මේ අනුව ක්‍රීඩාංගන ඉදි වුවහොත් අනාගතයේ පැවැත්වීමට නියමිතව තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරගාවලි එනම් පන්දුවාර 50 ලෝක කුසලාන තරඟාවලි, පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලයි, ශූරයන්ගේ කුසලානය වැනි තරඟාවලි සෘජුවම ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව ද ලැබෙනු ඇත.

මේ සඳහා අයදුම්පත් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැන්වීමක් පළ කර ඇති අතර අවම අක්කර 6 – 10 ක ඉඩමක් වීම මේ සඳහා අදාළ පළමු නිර්ණායකය වේ.

ඔබේ දැනගැනීමට – එමෙන්ම මේ සඳහා වැය වන කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ලබා ගැනීම සිදු නොවන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම සම්පුර්ණ පිරිවැය දරනු ලබනවා. එමෙන්ම එම මුදල් ICC ය මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ලබා දෙන මුදල් බැවින් වෙනත් ආයෝජනයන් සඳහා භාවිතයට ගැනීමට නොහැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7