Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Sikandar Razaගේ සුපිරි උත්සාහය අපතේ යවමින් දෙවන තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ බංගලාදේශය 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් වුණා.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Sikandar Raza ලකුණු 62ක් වාර්තා කිරීමට සමත් වුයේ විටක ලකුණු 6ක් තුල කඩුලු 3ක් දැවී දැඩි පීඩනයක සිටි සිම්බාබ්වේ කණ්ඩායම ඉන් මුදවමිනි. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

Ryan Burl ලකුණු 32ක් රැස් කළ අතර Luke Jongwe ලකුණු 11ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mosaddek Hossain කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන් පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 136ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Litton Das පන්දු 33ක් තුල වෙගවත් ලකුණු 56ක් රැස් කල අතර Afif Hossain ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Richard Ngarava, Sean Williams සහ Sikandar Raza එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරඟාවලියේ තීරණාත්මක තෙවන සහ අවසන් තරඟය එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button