Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට පන්දුවාර 6-14ත් අතර වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවෙක් දැඩිව අවශ්‍යයි” – රසල් ආර්නල්ඩ්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය අද ආරම්භ වූවා.

කෙසේ නමුත් මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කර තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමට Power Play පන්දුවාර 6 තුළම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණක් වන අතර කඩුලූ 3ක් එහිදී ශ්‍රී ලංකාවට අහිමි වුණා.

තරගයේ පළමු පන්දු වාරය යොමු කරන ලද Mohamed Siraj ගේ පන්දුවාරය තුල ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගිය අතර පෙර තරඟයේ ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක අද තරඟයේ දී එක් ලකුණකට දැවී ගියා.

චරිත් අසලංකට අද රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

නවක ක්‍රීඩක ජනිත් ලියනගේ හ⁣ට අද තරඟයේදීත් ලබා ගැනීමට හැකිවේ ලකුණු 6ක් පමණක් වන අතර ඔහු පන්දු 19 ක ට මුහුණ දෙනු ලැබුවා.

ඒ ආකාරයට එකපිට එක ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු බිඳ වැටෙමින් සිටි අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආර්නල්ඩ් මහතා ප්‍රකාශ කර සිටියේ පන්දුවාර 6ත් 14ත් අතර වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙකු ශ්‍රී ලංකාවට ඉතා දැඩිව අවශ්‍ය කර තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button