Cricket NewsEXCLUSIVE

දසුන් ශානකගේ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරණය ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය අද ආරම්භ වූවා.

කෙසේ නමුත් මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කර තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමට PowerPlay පන්දුවාර 6 තුළම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණක් වන අතර කඩුලූ 3ක් එහිදී ශ්‍රී ලංකාවට අහිමි වුණා.

ඒ අනුව ලකුණු 29ක් වන විට ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකු දැවී ගොස් ශ්‍රී ලංකාව දැඩි අසීරු අවස්ථාවක පසු වූවා.

අනතුරුව පිටියේ එක් වූ දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 31 සබඳතාවයක් පැවැත්වීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 25කට දැවී ගියා.

අනතුරුව නායකත්වයේ වගකීම කරට ගත් දසුන් ශානක චාමික කරුණාරත්න සමග එක්වී ලකුණු 86 ක දැවැන්ත වේගවත් සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට සමත් වුණා.

වරෙක ලකුණු සීයක් ලබාගැනීමත් දැඩි අභියෝගයක් වූ අවස්ථාවක ලකුණු 146 ක ලකුණු පුවරුවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට දසුන් ශානකගේ මෙම ප්‍රහාරාත්මක පිතිකරණය සමත් වුනා.

දසුන් ශානක පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 74ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.
චාමික කරුණාරත්න ලකුණු 12ක් රැස් කලා.

පන්දු යැවීමේදී Avesh Khan විසින් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර Ravi bishnoi, Harshal Patel සහ මොහොමඩ් සිරාජ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button