Cricket NewsEXCLUSIVEInternational

සත්කාරක දකුණු අප්‍රිකානුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් බංගලාදේශයට ලකුණු 38ක ඓතිහාසික ජයග්‍රහණයක්.!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ඊයේ පැවැත්වුණි.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්දි සුපර් ස්පෝර්ට්ස්පාක් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගහ් දකුණු අප්‍රිකා නායක ටෙම්බා බව්මා බංග්ලාදේශයට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියේය.

මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි සංචාරක බංග්ලාදේශය කලකට අමතක නොවන ලකුණු පුවරුවක් සත්කාරක දේදුණු දේශය ඉදිරියේ නිර්මාණය කලේය.නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 314 ක් රැස් කලේය.

තමිම් ඉක්බාල් හා ලිටන් දාස්ගේ ලකුණු 94 ක ආරම්භක සබඳතාවය බංග්ලාදේශය කණ්ඩායමට අවශ්‍ය වූ අඩිතාලම සකසා දුන්නේය.නායක තමිම් ඉක්බාල් ලකුණු 41 ක් හා ලිටන් දාස් ලකුණු 50 ක් රැස් කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශකීබ් අල් හසන් හයේ පහර තුනක් හා හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 77 ක් රැස් කලේය.ඉනිමේ අවසන් භාගයේදී සක්‍රීය වූ යසීර් අලී සිය මංගල අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 50 ක් රැස් කලේය.පන්දු යැවීමේදී මැක්‍රෝ ජෙන්සන් හා කේශාව් මහාරාජ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 315 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකණු මුල් පෙල පිතිකරුවන් සිව්දෙනා හටම සාර්ථක වන්නට නොහැකි විය.සත්කාර දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් යම්තාක් හෝ දුරට ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කරදෙන්නට වැන්ඩර් ඩසන් සමඟින් එක්වූ ඩේවිඩ් මිලර් හට හැකි විය.

ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වෙමින් වැන්ඩර් ඩසන් ලකුණු 88 ක් රැස් කලේය.එක් හයේ පහරක් හා හතරේ පහර 9 කින් එම ඉනිම වර්ණවත් විය.පසුපෙල පිතිකරුවන් සමඟින් එක්ව දකුණු අප්‍රිකානු ඉනිමට ජීවය ගෙනදුන් ඩේවිඩ් මිලර් පන්දු 57 කදි වේගවත් ලකුණු 79 ක් රැස් කලේ හයේ පහර තුනක් හා හතරේ පහර 8 ක් එල්ල කරමිනි.

පන්දු යැවීම ආරමභ කල ශකීබ් අල්හසන් තමන්ගේ පන්දුවාර 10 තුලදී විශාල පීඩනයක් සත්කාරක දකුණු අප්‍රිකානුවන් හට එල්ල කලේය.

එහි ප්‍රතිපලයක් වශයෙන් පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී දකුණු අප්‍රිකානුවන් දක්වන සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණෙන්නට නොහැකි විය.මෙහිදි හසන් කඩුලු 4 හා ටස්කින් අහමඩ් කඩුලු 3 බැගින් බිඳ දැමීය.

ජයග්‍රහණයට ලකුණු 38 ක් පසුපසදී පන්දුවාර 48 කුත් පන්දු 5 ක් අවසානයේදී දකුණු අප්‍රිකාවේ සියලු කඩුලු දැවී යන විට ලකුණු පුවරුව සටහන් වූයේ 276 ක් ලෙසිනි.

ඒත් සමඟින් පළමු තරඟය ලකුණු 38 කින් ජයගත් සංචාරක බංග්ලාදේශය තරඟ 1-0 ක් ලෙසින් තරඟාවලියේ පෙරමුණ ගන්නට සමත් විය.

විශිෂ්ඨ තුන්ඉරියව් දස්කම් දැක්වූ බංග්ලාදේශයේ ශකීබ් අල්හසන් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button