Cricket NewsEXCLUSIVE

“ශ්‍රි ලංකාව පස් වතාවක් ආසියානු කුසලානය දිනලා තියෙනවා..ඒක පුදුමයක්”- ඉන්දියා පකිස්ථාන තරඟය අතරතුර ගෞතම් ගාම්භීර්

හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ඉන්දීය නායකයෙකුද වන ගෞතම් ගාම්භීර් මෙවර ආසියානු කුසලානයට ඉංග්‍රීසි විස්තර විචාරකයෙකු ලෙසින් එක්ව සිටී. ඊයේ ඉන්දු පකිස්තාන තරඟය අතර තුරදී අදහස් දක්වන ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරක් ආසියානු කුසලානය ජයගෙන තිබීම පුදුමයට කරුණක් බවය.

හාස්‍යට කරුණනම් අදටත් ආයිසානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාරයක් අවසන් මහා තරඟ සංඛ්‍යාවක් නියෝජනය කල කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.එයිනුත් පස්වතාවක් ශූරයින් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කිරුළු පැලැඳූ අතර වැඩිම තරඟ ගණනක් ජයගත් කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තැන පසු වීමයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් වරට ආසියානු කුසලාන අවසන් මහා තරඟයක මුණගැසුනේ 2008 වසරේදී වන අතර එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 100 කින් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.එහිදී ගෞතම් ගාම්භීර් හට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 6 ක් පමණක් වීමද විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button