Cricket NewsEXCLUSIVE

සියලු වාග් ප්‍රහාර හා තමන් නුසුදුසු යැයි කී විවේචකයන් නිරුත්තර කල හර්දික් පාණ්ඩ්‍යාගේ නැවත පිබිදීම.!

2016 ලෝක කුසලාන තරඟාවලියට ආසන්න සමය තුලදී ඉන්දීය කණ්ඩායම වේගයෙන් පන්දුවට පහරදිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වෙත ආයෝජනයක් සිදු කලේය. ඒ හේතුවෙන් ගුජරාට් හි උපත ලැබූ මුම්බායි කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයා හට ඉන්දීය ජාතික සංචිතයේ ඉඩක් ලැබුණි. හාර්දික් පාණ්ඩ්‍යා ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගැනීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් තුක එක්දින හා ටෙස්ට් වරම් ද දිනාගත්තේය.

පාණ්ඩ්‍යා ජාත්‍යන්තර වරම් දිනාගැනීමෙන් අනතුරුව ඉන්දීය සංචිතය තුල දිගින් දිගටම ඉඩක් වෙන් කරගන්නට සමත් විය. නමුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට සාපේක්ෂව දෝනිගෙන් පසුව ඉනිම අවසන් කිරීමේ කාර්‍ය ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වශයෙන් පාණ්ඩ්‍යාට පැවරුණි.

එහිදී ඔහු ඉන්දීය කණ්ඩායමේ 5 වන හෝ 6 වන පන්දුයවන්නා ලෙසින් පන්දුවාර තුනක හතරක කෝටාවක් සඳහා සීමාවූ අයෙක් පමණක් විය.කෙටි ඉනිම් ක්‍රීඩා කරන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු හැරුණු කොට පාණ්ඩ්‍යා දිගු ඉනිම් ක්‍රීඩා කරන විශ්වාසදායී පිතිකරුවෙකුගේ භූමිකාවට ඔහු පණ පෙව්වේ අතේ ඇඟිලි ගණනටත් අඩු අවස්ථා ගණනකදීය.

2018 වසරේ ඔහුගේ කොන්ද ආශ්‍රිතව ඇතිවූ උග්‍ර ආබාධය තව දුරටත් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම සීමා කලේය.ඉන් අනතුරුව කණ්ඩායමෙන් විටෙන් විට ඉවතට වීමට පාණ්ඩ්‍යාට සිදු වීම විශාල වශයෙන් ඔහුට සිදුවිය. ඉන් අනතුරුව ඔහු වෙනුවට කණ්ඩායමට පැමිණි වෙන්කටේශ් අයියර් වැනි ක්‍රීඩකයින් පිලිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක පණ්ඩලය මෙන්ම හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ද බලාපොරොත්තු දල්වා පාණ්ඩ්‍යාගේ කාලය හමාර බව විටින් විට ඇඟෙව්වේය.

නමුත් පාණ්ඩ්‍යා සියල්ල කණපිට ගැසුවේය. දැඩි ලෙස ප්‍රශ්නාර්ථයක් වූ ඔහුගේ ශරීර යෝග්‍යතාව හා පන්දු යැවීමේ හැකියාව පෙන්වීමට ඔහුටම වෙන් වූ මිනුම් දණ්ඩයක් මත නිර්මාණය වූ ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට ඔහු මුහුණ දුන්නේය. එයින් සාර්ථකව සමත් වූ ඔහු මුම්බායි කණ්ඩායමෙන් ඉවතට විසිවීමෙන් අනතුරුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරගත්තේය. සිට කුළුඳුල් අයිපීඑල් තරඟාවලියේ දී ශූරයින් බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

අවසන් මහාතරඟයේදී කඩුලු 3 ක් හා ලකුණු 34 ක් රැස් කරමින් ඉනිමේ නැංගුරම වූ නායක පාණ්ඩ්‍යාට හැකිවිය. තමන් පන්දුවාර කිහිපයකට පමණක් සීමා නොවිය යුතු බවත් තමන් වඩාත් විශ්වාසදායී පිතිකරුවෙකු බවත් පෙන්වීය. යලිත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගත් පාන්ඩ්‍යා Genuine Allrounder භූමිකාවේ විශිඨයෙකු වෙමින් පවතින බව පෙන්නුම් කලේය.

තරඟ කණපිට ගසන්නට ඔහුට එම අංශ දෙකම මනාවට සංකලනය කල හැකි බව ඔහු කියා පාන්නේය.ඊයේ ආසියානු කුසලාන තරඟාවලියේදී නිමාව දුටු ඉන්දු පකිස්තාන තරඟයේදී පාණ්ඩ්‍යා විශිෂ්ඨ පන්දු යැවීමකත් තරඟය ජයග්‍රහණය කරා ගෙන ගිය ඉනිම නිර්මාණය කරන්නටත් සමත් විය.

ස්ථාවරත්වය නොමැති ප්‍රවේගකාරී පිතිකරුවෙකුගේ සිට පාණ්ඩ්‍යා වඩාත් ස්ථාවර විශ්වාසදායී පිතිකරුවෙකු දක්වා ඉතා ඉක්මනින් මුහුකුරා ආවේය. තමන් මත සම්පුර්ණ තරඟයක් රඳා පවතින තැනට පාණ්ඩ්‍යා තම තුන් ඉරියව් කුසලතාවය ගෙන ආවේය. විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමේ තුන්වෙනි වේගපන්දු යවන්නා ලෙසින් දැන් ඔහු පන්දුවාර 4 ක කෝටාවක් 10 ක කෝටාවක් ක්‍රියාත්මක කල හැකි පන්දු යවන්නෙකි. පෙරට වඩා හොඳ පාලනයක් හා පතිතයක් ඔහු නිර්මාණය කරගෙන තිබීමත් කැපී පෙනේ.

දැන් පාණ්ඩ්‍යා දැකීම කෝණය වඩා වෙනස් විය යුතු යැයි හැඟේ ඕනෑම විට ස්ථාවර වී ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වීමට පෙරට වඩා නිපුනත්වයක් ඔහු සතුවද්දී පන්දු යැවීම එලඹෙන ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමට අතිරේක වාසියක් වනු ඇත. විශේෂයෙන්ම තරඟයේ තීරණයට බලපෑමක් එල්ල කිරීමට ඔහුට තනිවම හෝ පුලුවන් වීම ඉන්දීය මුල් පෙල පිතිකරුවන් රිද්මයේ නොසිටින කාල සීමාවකදී කණ්ඩායමට අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

“The comeback is greater than the setback” “පසුබෑමට වඩා නැවත පැමිණීම විශාලයි ” වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහුගේ නැවතපැමිණීම වසර ගණනක ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය පෙලරහක් පානු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7