Cricket NewsEXCLUSIVEIPL

“තරුණ ක්‍රීඩකයන් රැසක් සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තීරණාත්මක කණ්ඩායමක්” – මහේල ජයවර්ධන

ලබන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායට විශාල අභියෝගයකි.නමුත් පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ මූලික සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් පසුව දෙවන වටයට පිවිසි අතර එහිදී බංග්ලාදේශය හා කොදෙව් කණ්ඩායම් පරාජයට පත් කරමින් සෙසු කණ්ඩායම් වලට විශාල අභියෝගයක් එල්ල කරන බව පෙනෙන්නට තිබුණි.

යොවුන් ක්‍රීඩකයින් රැසක් දස්කම් අතරට පිවිසිනු අතර කණ්ඩායමේ සංයුතියද පෙරට වඩා ස්ථාවර ව තිබූ බවක් පෙනෙන්නට තිබුණි.මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය හා සැකැස්ම පිලිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන අදහස් දක්වා සිටියා. ඒ ICC Review වැඩසටහනට එක්වෙමිනි.

“මම හිතන්නේ පසුගිය වසරේ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළා වගේම ඔවුන් ඉතාමත් හොඳින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කාලයේ තරඟ තහනමකට ලක්ව සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත් වීමට නියමිතයි.”

පසුගිය ලෝක කුසලානයෙන් අනතුරුව ජාතික කණ්ඩායම තුල එතරම් ඉඩක් නොලැබුණු භානුක රාජපක්ෂ පිළිබඳවද එහිදී මහේල සඳහන් කර සිටීම විශේෂත්වයක්.පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මෙවර අයිපීඑල් වරම් දිනාගත් භානුක එහිදී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබුණි.

“භානුක රාජපක්ෂ එහි ඉහළම සිටිනවා. පැතුම් නිශ්ශංක හොඳ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ වගේම චරිත් අසලංකත්. මම හිතන්නේ අපිට හොඳ ප්‍රහාරාත්මක පිතිකරණ ලැයිස්තුවක් තියෙනවා.”

“ඒ වගේම බොහෝ තරුණ ක්‍රීඩකයින් තමන්ගේ දෙවැනි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට සිටින වැදගත් ක්‍රීඩකයින්. ඒ වගේම අපි ඉක්මණින්ම වර්ධනය වෙනවා කියලා මම හිතනවා.”

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳින් දස්කම් දක්වන බව පෙනෙන්නට තිබේ.වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනගේ නෙතගැටෙන ඔවුන්ගේ අයිපීඑල් දස්කම් පිළිබඳව සඳහන් කරන්නටද මහේල අමතක නොකලේය.

“මම හිතන්නේ වනිඳු හසරංග තමයි අපේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ. ඔහු දැනට ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් එක්කෙනෙක්.ඒ වගේම දුෂ්මන්ත චමීරත් විශාල දුරක් ඇවිත් තියෙනවා. මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දේ පන්දු යැවීමේ බලඇණියයි.වනිඳු සහ චමීර කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු වෙද්දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සම්පතක්. ඔවුන් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් වෙයි.”

“ඒ වගේම සමස්තයක් විදියට ගත්තම මම දැක්කා තවත් ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරනවා. ඒ හැමදේම නිරීක්ෂණය කරද්දී අපිට අත්දැකීම් සහිත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට යවන්න පුළුවන් වෙයි.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කළා.

අවසන් වරට පැවැති ඔස්ට්‍රේලියානු සංචාරයේදී තරඟ කිහිපයක් පරාජයට පත්වූ නමුත් තරඟ කිහිපයක් හොඳින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.ආරම්හක පිතිකරුවන් වූ මෙන්ඩිස් හා නිස්සංක හොඳින් ලකුණු අතරට පිවිසෙන ආකාරය දක්නට ලැබීම විශේෂත්වයක්

“ඔවුන් පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාවට ගිහින් විස්සයි විස්ස තරග කිහිපයක් ක්‍රීඩා කළා වගේම එහි දී ඔවුන් වගකීම් සහගත දස්කම් දක්වනවා දැකගන්න ලැබුණා. මම හිතන්නේ ඔවුන් තරග කිරීමට සම්පූර්ණයි වගේම ඔවුන්ට විශේෂ දස්කම් තියෙනවා.” යැයි ඔහු ප්‍රකාශ කළා.

මෙවර ලෝක කුසලානයේ ශූරයින් කවුරුන් වේවිද යන්න විමසූ පැනය මහේල අසීරුතාවයකට පත්කරන අයුරු දක්නට ලැබුණි.කෙසේ නමුත් ඔහු මෙවර තරඟාවලියේ ප්‍රභල කණ්ඩායම් කිහිපයක් දෙස බලාසිටින බව නම් පෙනෙන්නට තිබුණි.

“ඒක ඉතාම අමාරු එකක්. එක හා සමාන දස්කම් දක්වන කණ්ඩායම් හය හතක් සිටිනවා. ඒක අපි අන්තිම ලෝක කුසලානයේ දීත් දැක්කා.”

“ඔබට වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මව්බිමේ දී ක්‍රීඩා කරද්දී ඔවුන් ගැන කියන්න අමාරුයි. ඔවුන් තමන්ගේ තණතීරු සහ ක්‍රීඩාංගණයන් පිළිබඳව හොඳින්ම දන්නවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ඉහළ මට්ටමින් තරග කරාවි.” යනුවෙන් ICC review හි අදහස් දක්වන මහේල සඳහන් කර සිටියේය.

එම වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button