Cricket NewsEXCLUSIVEWoman Cricket

ලෝකයේ ප්‍රභලම ක්‍රීඩිකාවන් රැසක් අභිබවමින් ඩුබායි Fairbreak ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ චමරි අතපත්තුට.!

ඩුබායි හිදී පලමු වරට පැවැත්වෙන Fairbreak ආරාධිත කාන්තා විස්සයි විස්ස තරඟාවලිය කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් අතිශය ප්‍රභල විස්සයි විස්සයි විස්ස ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මේ දිනවල පැවැත්වෙයි.

මෙවර තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමරි අතපත්තු ෆැල්කන්ස් පිල වෙනුවන් තරඟ වදී .

මේවන විට තරඟාවලියේ තරඟ සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවසන්ව ඇති අතර තරඟාවලියේ තෙවන ස්ථානයේ පසුවන ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු හොඳින් ලකුණු අතරට පිවිස තිබීම විශේෂත්වයකි.ව

මෙවර තරඟාවලියේ අඩක් අවසානයේදී ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ෆැල්කන්ස් ආරම්භක පිතිකරු චමරි අතපත්තු සමත්ව තිබේ.

තරඟාවලිය ශතකයකින් ආරම්භ කල අතපත්තු මේ දක්වා ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 5 ක් ක්‍රීඩා කලේය.තරඟාවලියේ හොඳම පෞද්ගලික ඉනිමේ හිමිකාරිණියද වන ඇය පළමු තරඟයේදී නොදැවුණු ලකුණු 107 ක් රැස් කරන්නට සමත් විය.

සමස්ත තරඟ 5 ක් අවසානයේදී ලකුණු 241 ක් රැස් කරමින් ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතපත්තුගේ ඉනිමක ලකුණු සාමාන්‍ය දැක්වුනේ 60.25 ක් ලෙසිනි.

හතරේ පහර 29 ක් එල්ල කරන්නට සමත් වූ ඇය මෙවර තරඟාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කල ක්‍රීඩිකාව වීමද විශේෂත්වයකි.හයේ පහර 12 ක් ද ඇය විසින් එල්ල කර ඇති අතර මේ දක්වා එල්ල කර ඇති වැඩිම 6 පහර සංඛ්‍යාවටද ඇය හිමිකම් කීම කැපී පෙනේ.

චමරිගේ ප්‍රහාරක වේගයද 147.85 ක් ලෙසින් දැක්වුණු අතර එය දෙවැනි වන්නේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පමණි.

චමරිගේ ෆැල්කන්ස් පිල හා ටෝනාඩෝස් වුමන්ස් කණ්ඩායම අතර තීරණාත්මක තරඟය අද ඩුබායි හිදී පැවැත්වේ.

වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button