Cricket NewsEXCLUSIVEIPLPremier League

විරාත් කෝලිට බරපතල ආරක්ෂක තර්ජනයක් – RCB පුහුණු සැසිය අවලංගු කරයි.

වාර්තාවකට අනුව, බරපතල ආරක්ෂක තර්ජනයක් මත RCB ඔවුන්ගේ පුහුණු සැසිය සහ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට තීරණය කර ඇත.

Royal Challengers Bengaluru (RCB) IPL 2024 Eliminator තරඟය සඳහා රාජස්ථාන් රෝයල්ස් (RR) කණ්ඩායමට එරෙහිව සූදානම් වන විට, ආරක්ෂක හේතූන් මත තරඟය ආරම්භ වීමට පෙර එහි එකම පුහුණු සැසිය අවලංගු කිරීමට ඔවුන් හට සිදු වූ බව වාර්තාවේ.

වාර්තාවට අනුව, ගුජරාට් පොලිසිය ඉඟි කළේ පුහුණු සැසිය සහ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට මූලික හේතුව විරාත්ගේ ආරක්ෂාව බවයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අහමදාබාද් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය වාර්තා කරයි.

අද RCB සහ RR අතර IPL 2024 Eliminator සඳහා දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button