Cricket NewsEXCLUSIVEInternational

ඉන්දි­යාව පැර­දවූ ශ්‍රී ලංකා පිල ශ්‍රේණි­ගත කිරීම් වල ඉහ­ළට එයි.

ඉන්දි­යාව පර­දවා වසර 27කට පසු එක්දින තර­ගා­වලි ජයක් ලබා­ගත් ශ්‍රී ලංකා කණ්ඩා­යම ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ එක්දින කණ්ඩා­යම් ශ්‍රේණි­ගත කිරීම් අනුව එක් ස්ථාන­ය­කින් ඉදි­රි­යට යෑමට සමත්ව තිබේ.

මේ තර­ගා­ව­ලි­යට පෙර 7 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා පිල මේ වන විට 6 වැනි ස්ථාන­යට පත්ව ඇති අතර, ඒ සමඟ එංග­ලන්ත කණ්ඩා­යම එක් ස්ථාන­ය­කින් පහත වැටී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හමුවේ පරා­ජය වුවද තව­මත් ශ්‍රේණි­ගත කිරී­ම්වල පෙර­මුණ ගැනී­මට ඉන්දි­යාව සමත්ව ඇති අතර, ඔස්ට්‍රේ­ලි­යාව සහ දකුණු අප්‍රි­කාව පිළි­වෙ­ළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන­වල පසු වෙයි. පාකි­ස්තා­නය (4) සහ නව­සී­ල­න්තය (5) ද ශ්‍රී ලංකා­වට ඉහ­ළින් සිටී.

මේ අතර ඉන්දි­යා­වට එරෙහි එක්දින තර­ගා­ව­ලියේ වීරයා වූ දුනිත් වෙල්ලා­ලගේ තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ ස්ථාන 65කින් ඉදි­රි­යට පැමිණ තිබීම කැපී පෙනේ. ඔහු මේ වන විට 67 වැනි තැනට පත්ව ඇත්තේ එංග­ල­න්තයේ බෙන් ස්ටොක්ස් සහ ඔස්ට්‍රේ­ලි­යාවේ පැට් කමින්ස් ද සම­ඟිනි. නායක චරිත් අස­ලංක ස්ථාන 32කින් ඉදි­රි­යට පැමිණ 70 වැනි ස්ථානයේ පසු­වන අතර, ඉන්දි­යාවේ අක්සර් පටෙල් 71 වැනි තැන අත්කර ගෙන ඇත්තේ ස්ථාන 40ක් ඉදි­රි­යට එමිනි. තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලාංකි­කයා වන වනිඳු හස­රංග 17 වැනි තැන රැඳී සිටී.

පිති­ක­රු­වන් ශ්‍රේණි­ගත කිරීම් අනුව ජනිත් ලිය­නගේ (76) ස්ථාන 10කින් සහ අවිශ්ක ප්‍රනාන්දු (88) ස්ථාන 9කින් ඉදි­රි­යට පැමිණ ඇති අතර, පන්දු යැවී­මේදී දුනිත් වෙල්ලා­ලගේ (76) ස්ථාන 5ක් ඉදි­රි­යට පැමිණ තිබේ. ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් ස්ථාන 5ක් ඉදි­රි­යට ගොස් සිව්වැනි තැනට පත්ව ඇති අතර, වනිඳු හස­රංග (27) ස්ථාන 2ක් පහළ වැටී ඇති අතර, මහීෂ් තීක්ෂණ 13 වැනි තැනම සිටී.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button