Cricket NewsEXCLUSIVE

දැවැන්තම පරාජයේ ශ්‍රී ලංකා වාර්ථාව තව දුරටත් සුරැකෙයි ! ලෝක කුසලාන ඉතිහාසයේ වාර්ථා රැසක් ඔස්ට්‍රේලියානුවන්ගේ නම් ඉදිරියේ ලියැවෙයි !

අද නෙදර්ලන්තය හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හිදී පැවැති තරඟයෙන් ලකුණු 309 ක දැවැන්ත ජයක් ලබන්නට ඔස්ට්‍රේලියානුවන් සමත් වද්දී ක්‍රිකට් වාර්ථා පොත් කිහිපයක්ද අලුත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානුවන් ලකුණු 399 ක් රැස් කලේ ප්‍රතිවාදීන්ට ලකුණු 400 ක ඉලක්කයක් ලබා දෙමින් .

තම සයවැනි ලෝක කුසලාන ශතකය වාර්ථා කල ඩේවිඩ් වෝනර් ලකුණු 104 ක් රැස් කලේය.ඔහු අද ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ශතක ලාභීන් අතර සම දෙවැනි තැනට පත්වූයේ රිකී පොන්ටිං අභිබවා යමින්.

ලෝක කුසාලනය තුල යලිත් වරක් වේගවත්ම ශතකයේ වාර්ථාව අලුත් කරන්නට ග්ලෙන් මැක්ස්වෙල් සමත් වූයේ පන්දු 40 කදී ශතකය සම්පූර්ණ කරමින් . ඔහු විසින් අද බිඳ දැමුවේ ශ්‍රී ලංකාව හමුවේ ඒඩ්න් මාක්‍රම් විසින් පිහිටුවා තිබූ වාර්ථාවයි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 400 ක් හඹා ගිය නෙදර්ලන්තයට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකිවූයෙ ලකුණු 90 ක් පමණයි.විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ඇඩම් සැම්පා ලකුනු 8 ට කඩුලු 4 ක් බිඳ හෙළීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
8
+1
2
+1
12
+1
7
+1
9
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7