Cricket NewsEXCLUSIVE

ප්‍රභල පකිස්තාන පිතිකරණ බලඇණිය සාර්ථකව අඩපණ කළ ශ්‍රී ලංකාව දෙවන තරඟයේ දෙවන දිනයේ සියලු ගෞරව හිමිකර ගනී.!

මේ වන විට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය තරඟයේ ග්‍රහණය තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

මේ වන විට සිය පළමු ඉනීම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 191 ක් ලබා සිටින අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 378 ට හඹා යමින් සිටින පාකිස්තානුවන් ඒ අනුව මේ වන විටතවත් ලකුණු 187 ක් පසුපසින් සිටින්නේ කඩුලු 3 ක් පමණක් අත දරාගෙනය.

පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් අද දිනයේදී දිමුත් කරුණාරත්න පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමෙන් වැළකී සිටි නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ධනංජය ද සිල්වා විසින් සිදුකළේය.

පාකිස්තානු පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක්ව දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වූවේය. පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල සොයා ඇදී ගියේ සිදුවූයේ කුමක්ද යන්න ශෆීක්ට වටහා ගැනීමටත් පෙරය. අද දිනයේදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් කඩුල්ල වූයේ නායක බාබර් අසාම්ගේ කඩුල්ලය. ජයසූරිය හමුවේ තරමක් ප්‍රවේගකාරී වන්නට යෑමේදී එය වැරදී යෑමෙන් අසාම්ගේ කඩුල්ල ශ්‍රී ලංකාවට හිමිවිය.

දැවී ගිය කඩුලු 7 න් කඩුලු 3 ක් රමේෂ් මෙනඩිස් විසින් දවා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 කට හිමිකම් කීවේය.

අසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. අද දිනයේදී තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 6 ක් ක්‍රියාත්මක කෙරුවද එකම කඩුල්ලක් හෝ දවා ගැනීමේ අවස්ථාවක් නොවීය. පළමු පන්දුවාරයේදීම ලකුණු 8 ක් ලබා ගැනීමට පාකිස්තානුවන් සමත් වුවද් ඉතිරි පන්දුවාර 5 දී නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 10 කට නවතා ලීමට වෙල්ලාලගේ සමත්වූවේය.

ඒ අනුව හෙට තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 378/10
පකිස්ථාන පළමු ඉනිම – 191/7

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button