Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුදානම් කිරීමේ අරමුණින් වර්ණ සංග්‍රාමය මෙවරත්.!

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ අරමුණින් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. පසුගිය වසරේදී පැවති මෙම තරඟාවලිය රතු, නිල්, අළු සහ කොළ වර්ණයන්ගෙන් නම් වී තිබු අතර වර්ණ සංග්‍රාමය ලෙසින් එය හැඳින්වුවා.

කණ්ඩායම් 4 ක් තරග වදින මෙම තරගාවලිය අගෝස්තු මස 9 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 3 සමගින් එක් වරක් බැගින් තරග වදින අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.

ජාත්‍යන්තර වරම් දිනූ සහ පළමු පෙළ තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 60 දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා තෝරාගන සිටින අතර කණ්ඩායම් 4 සහ ඒවාහි නායකයන් පිළිඹදව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

මෙම තරගාවලියේ තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button