Cricket NewsEXCLUSIVE

වසර හතරකට පසුව පැවැත්වෙන මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි.!

2022 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 27 සහ සැප්තැම්බර් මස 11 වැනිදා අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

සාමාජික රටවල් අතර පැවති වාර්ෂික සමුළුවෙන් අනතුරුව තරඟවලිය පැවැත්වීමට නියමිත දිනයන් සහ සත්කාරක රට ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන ටෙස්ට් කණ්ඩායම් පහම තරඟාවලියට සහභාගී වන අතර තවත් එක් ආසියානු කණ්ඩායමක් අගෝස්තු 20 සිට පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරඟාවලියකින් පසුව තීරණය කරනු ඇත.

අවසන් වරට 2018 පැවැති ආසියානු කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කළේය. කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය 2020 සංස්කරණය කල් දැමීමට විශාල බලපෑමක් සිදු කලේය.

එම වසරේදී තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය එම ඉසව්ව 2021 දක්වා තල්ලු කර අවසානයේ 2022 වෙත ගෙන ගියේය.

මුලින්ම 2022 ආසියානු කුසලානය පැවැත්වීමට නියමිතව තිබූ පකිස්ථානයට දැන් 2023 සඳහා සත්කාරක අයිතිය හිමිකරදෙමින් මෙවර ශ්‍රී ලංකාවට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේය.

තරඟාවලියට සම්බන්ධ වන හයවන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව හෝ හොංකොං යන කණ්ඩායම් වලින් එකක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7